Sunday, December 22, 2024

General line - 0115112241

විදෙස් රටවල සිට ලංකාවට එරෙහි වන්නන්ට විදෙස් ඇමති කතා කරයි




සංවර්ධන ඉලක්ක සඵල කරගැනීමට නම් ජාතීන් අතර අවිශ්වාසය සහ අසමගිය දුරුකළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැලේසියානු සංචාරය අතරවාරයේ නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

ජාතීන් අතර සමගිය පළුදු කිරීමට ඇතැම් දේශපාලනඥයින් ද කටයුතු කරන බවට මෙහිදී චෝදනාවක් ද කෙරුණා.

ශ‍්‍රී ලංකාවට එරෙහිව විදෙස් රටවලදී උද්ඝෝෂණ සිදුකරන පිරිස්වලට අමාත්‍ය මංගල සමරවීර මෙහිදී පණිවුඩයක් ලබාදුන්නා. එහිදී ඔහු පැවසුවේ “අද ලංකාව ඕනෑම කෙනෙකුට විවෘතයි. ලංකාවේ ඕන තැනකට අද ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒ අයව නවත්වන්න කවුරුත් නැහැ. ඉතින් විදේශ ගතවෙලා ඉදන් බොරු වර්ජන කරන්නෙ නැතිව සැබැ තත්ත්වය දකින්න ඔනේ නම් ලංකාවට එන්න. එතකොට අඩුපාඩු තියෙනවා නම් ඒ බවත් අපිට පෙන්නලා දෙන්න.” යනුවෙනි.