Friday, September 20, 2024

General line - 0115112241

මැලේසියාවේදී හදිසියේ දුටු ඡායාරූපයෙන් ජනපතිගේ පැරණි මතකය අලුත් වෙයි (PHOTOS)




මැලේසියාවේ නිළ සංචාරයක නිතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට නිවසකදී දුටු ඡායාරූපයක් හේතුවෙන් පැරණි මතකයන් අලුත් වී තිබෙනවා.

මැලේසියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් ඊබ‍්‍රහිම් අන්සාර්ගේ නිවසේදී මෙම පැරණි ඡායාරූපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැක තිබෙනවා.

එම ඡායාරූපය 2009 වසරේ ලබාගෙන ඇති අතර ඒ ඊබ‍්‍රහිම් අන්සාර් ඊජිප්තුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කාලයේදීයි.

මැලේසියාවේ සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ සඳහන් කළේ, මෙම ඡායාරූපය පෙන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසුවේ තමා 2009 වසරේද මේ ආකාරයෙන් ඇඳ පැළඳ සිටි අයෙක් බවයි යනුවෙනි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමා මේ ආකාරයෙන් ඇඳ පැළඳ දේශපාලන වේදිකාවට ගොඩවීම මහත් ආන්දෝළනාත්මක සිද්ධියක් වූ බවත් එය පළමු වරට සිදු වූයේ එදා නොවන බවද පෙන්වා දී තිබෙනවා.

amma-www-nethnews-lk001 amma-www-nethnews-lk002 amma-www-nethnews-lk003 amma-www-nethnews-lk004  amma-www-nethnews-lk006