Friday, September 20, 2024

General line - 0115112241

රක්නා ලංකා ඈවර කිරීමට එරෙහි වාරණ නියෝගය යළි දිගු වෙයි




රක්නා ලංකා ආරක්ෂක සමාගම ඈවර කිරීම වළකාලමින් නිකුත් කළ වාරණ නියෝගය දෙසැම්බර් මස 30 වන දා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

මෙම නියෝගය නිකුත් කෙරුණේ ඇවන්ට්ගාර්ඩ් මැරිටයිම් සිකියුරිටි පුද්ගලික සමාගම විසින් ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවයි. රක්නා ලංකා පුද්ගලික සමාගම ඈවර කිරීම වළක්වාලමින් අධිකරණය පළමු වරට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ දෙසැම්බර් මස 06 වන දිනයි.

එම අතුරු තහනම අද දිනය දක්වා බලපැවැත්වුණා. මෙම නඩුව අද දිනයේ කොළඹ දිසා අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ එම අතුරු තහනම් නියෝගය මෙලෙස යළි දීර්ඝ කෙරුණා.

මෙම නඩුව ගොනු කරමින් ඇවන්ට්ගාර්ඩ් සමාගම පෙන්වා දුන්නේ රක්නා ලංකා පුද්ගලික ආරක්ෂක සමාගම සමග සිය ආයතනය ගිවිසුම්වලට එළඹ ඇති බැවින් එවැනි ඈවර කිරීමක් සිදුවුවහොත් අදාළ ගිවිසුම් උල්ලංඝණය වන බවයි.

එමගින් සිය ආයතනයේ ගිවිසුම් ප්‍රකාර අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ඇවන්ට්ගාර්ඩ් සමාගම ගොනු කළ නඩුව මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ අදාළ කරුණු සලකා බලමින්. කෙසේ වෙතත් රක්නා ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා කැබිනට් තීරණයක් ද ගෙන තිබුණා.