Friday, September 20, 2024

General line - 0115112241

මැලේසියා රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්




මැලේසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මැලේසියාවේ පස්වන සුල්තාන් මොහොමඩ් රජු අතර හමුවක් අද පැවැත්වුණා.

ඒ, ක්වාලාලම්පූර්හි ස්ථානා රජ මාලිගයේදීයි. එහි දී මැලේසියා රජු විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව උණුසුම් ලෙස පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ඉතා සුහදශීලි අන්දමින් පැවති මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ නව රජය ගෙනයන වැඩපිළිවෙල මැලේසියානු රජතුමාගේ ප්‍රසාදයට ලක්වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් සම්මුතිවාදී රජයේ ගමන් මගද මැලේසියානු රජුගේ ඇගයීමට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මෙහි දී අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මැලේසියා රජය ලබාදෙන සහය පිළිබඳ සිය ස්තූතිය පල කරන බවයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක ජයගැනීමට මැලේසියාව සහය නොඅඩුව ලැඛෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි දී සඳහන් කළා.

මැලේසියාවේ ලාබාලතම රජු ලෙස පස්වන සුල්තාන් මොහොමඩ් රජු එම තනතුරට පත්වූයේ ඉකුත් 13 වනදායි. ඒ අනුව මෙම හමුව මැලේසියානු නව රජුගේ පළමු විදේශීය රාජ්‍ය නායක හමුව වීම ද විශේෂත්වයක්.

unnamed-1 unnamed-2 unnamed-3 unnamed-4 unnamed