Friday, September 20, 2024

General line - 0115112241

ගාලූ මුවදොර ලොකුම නත්තල් ගසට තවත් විරෝධයක්




ගාලූ මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස හේතුවෙන් ගාලූ මුවදොර පිටිය ආශ්‍රිත වෙළඳුුන්ට දුෂ්කරතා රැසකට මුහුණු දීමට සිදුව ඇති බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික සම්මේලනය පවසනවා.

එහි ලේකම් ඊ. සී. ඩයස් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ලොව විශාලතම නත්තල් ගස සමග ක්‍රියාත්මක කෙරෙන නත්තල් කලාපයේ වෙළඳ කුටියක් සඳහා රුපියල් ලක්ෂ 04 ක පමණ මුදලක් අය කෙරෙන බවයි.

එවැනි මුදලකට වෙළඳ කුටි ලබා ගැනීමට සිය සාමාජිකයින්ට නොහැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ හේතුවෙන් නත්තල් සමයේ ගාලූ මුවදොර පිටිය ආශ්‍රිත වෙළඳාමේ නිරත වන සිය සාමාජිකයින් අසීරුතාවට ලක්වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.