Friday, September 20, 2024

General line - 0115112241

ලබන වසරේ දී ලංකා ධීවර සංස්ථාවේ නව අලෙවි මධ්‍යස්ථාන 50 ක්




ලබන වසරේ දී ලංකා ධීවර සංස්ථාවේ නව අලෙවි මධ්‍යස්ථාන 50 ක් දිවයින පුරා ස්ථාපිත කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව රුපියල් මිලියන 500 ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට සංස්ථාව සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වරකාපොළ සහ කුලියාපිටිය නගරවල ධීවර සංස්ථාවේ නව අලෙවි මධ්‍යස්ථාන විවෘත කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙරට ජනතාවගේ මත්ස්‍ය පරිභෝජනය ඉහළ දැමීමට සිය අමාත්‍යංශය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.