Sunday, April 28, 2024

General line - 0115112241

කුමන බාධා පැමිණියත් රට ගොඩනගනවා – අන්තර්ජාල වාර්තා බොරු




කවර ආකාරයේ බාධා පැමිණියද රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මැලේසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද (17) බ්‍රික්ෆීල්ඩ් හි බෞද්ධ මහා විහාරස්ථානය වෙත පැමිණියා.

එහිදී ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මැලේසියාවේ ප්‍රධාන සංඝනායක කිරින්දේ ධම්මරතන නාහිමියන් බැහැ දුටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේ සමග සුහද කතාබහක නිරත වූ බවයි එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ පැවසුවේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ වන විවිධ වාර්තා පිළිබඳ මෙහිදී ධම්මරතන නාහිමියන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුව සිදු කරන යහපත් දේ වෙනුවට අසත්‍ය ප්‍රචාර බොහෝමයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කෙරෙන බවයි.

වත්මන් ආණ්ඩුව රට ඛෙදන බවටත්, හමුදා දුර්වල කරන බවටත්, පළවන එවැනි වාර්තා අසත්‍ය ඒවා බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

මේ අතර තම සංචාරයට විරෝධය පළ කරමින් කිහිපදෙනෙකු පෙරේදා සිදු කළ විරෝධතාව සම්බන්ධයෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අදහස් පළ කළා.

එවැනි කුඩා කණ්ඩායමක විරෝධතා මහ පරිමාණ ඒවා ලෙස හුවා දක්වමින් ඩොලර් එකතු කර ගැනීම එම කණ්ඩායම්වල අරමුණ වී ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

president-visits-brickfields-buddhist-temple-www-nethnews-lk001 president-visits-brickfields-buddhist-temple-www-nethnews-lk002 president-visits-brickfields-buddhist-temple-www-nethnews-lk003 president-visits-brickfields-buddhist-temple-www-nethnews-lk004 president-visits-brickfields-buddhist-temple-www-nethnews-lk005