Saturday, April 27, 2024

General line - 0115112241

‘අය කළ වැට් බද්ද යළි ජනතාවට ගෙවන්න’




මැයි දෙවැනිදා සිට අද දක්වා රටේ සියලු ජනතාව ගෙවා ඇති වැට් බද්දට සිදු වන්නේ කුමක්ද යන්න ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්න කරනවා.

වැට් බද්ද සම්බන්ධයෙන් අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව පැවසුවා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ මෙම වැට් බද්ද හරහා රජය ජනතා මුදල් පික්-පොකට් ගසා ඇති බවයි. කෙසේවෙතත් මැයි දෙවැනිදා සිට අද දක්වා රටේ සියලු ජනතාව ගෙවා ඇති වැට් බද්ද යළි රජය විසින් ජනතාවට ගෙවිය යුතුව ඇති බවත්  ජී.එල්. පීරිස් මහතා පැවසුවා. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය රජයට බලකරන බවත් සඳහන් කළා.