Friday, September 20, 2024

General line - 0115112241

දුමින්ද කළ තර්ජනයක් ගැන ගෝඨා කියයි




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන්නැයි අමාත්‍ය දුමින්ද දිසානායක තමන්ට තර්ජනය කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ප‍්‍රධාන විපක්ෂය දෙකඩ කර ඉන් කොටසක් ආණ්ඩු පක්ෂය සමග එක්කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබූ බවයි.

ජපානයේ සංචාරයක නිරත ගෝඨාභය රාජපක්ෂ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී මේ බව කියා සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ “මෛත්‍රීපාල ජනාධිපතිතුමා තර්ජනය කළා කියලා මම කියන්නේ නැහැ. නමුත් දුමින්ද දිසානායක ඇමතිවරයා මට කතා කරලා කිවුවා..’මේක භාර දෙන්න කියන්න.. ආණ්ඩුව අපේ.. එහෙම නැත්නම් උසාවි ගිහින් මේක ගන්න හැටි දන්නවා’ යි කියලා. ප්‍රධාන විපක්ෂය දෙකට කඩලා ආණ්ඩුවට එකතු කර ගත්තා. මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ආපු අය.” යනුවෙනි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී පාතල ක‍්‍රියා මර්දනය කර රට තුළ නීතිය ස්ථාපිත කළ ආකාරය පිළිබඳව ද ඔහු එහි දී කරුණු දැක්වූවා. ඒ අනුව රටේ ජනතාවට තර්ජනයක්ව තිබූ පාතාලය ඉවත් කළේ ඉකුත් ආණ්ඩුව සමයේ බවත් වත්මන් ආණ්ඩුව නීතිය හා සාමය ඇති කරනවයි කීවද අද සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්ත බවද සඳහන් කළා.