Friday, September 20, 2024

General line - 0115112241

මහින්ද අද පක්ෂ සංවත්සර උත්සවයකට




මෙරට පැරණිතම වාමාශික දේශපාලන පක්ෂයක් වන ශ‍්‍රී ලංකා සමසමාජ පක්ෂයේ 81 වන සංවත්සරය අදට (18) යෙදී තිබෙනවා.

1935 වසරේ දෙසැම්බර් මස 18 වන දා ශ‍්‍රී ලංකා සමසමාජ පක්ෂය ආරම්භ කෙරුණා.

‘‘අරගලයට පණ පොවන ජන බලය’’ යන්න මෙවර ඔවුන්ගේ සංවත්සර තේමාවයි. සංවත්සර උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මතුගම නගර ශාලාවේ දී පැවැත්වෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ශ‍්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සිය පක්ෂය ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.