Thursday, March 28, 2024

General line - 0115112241

කරාක් නගරයේ පැරණි බලකොටුවේ වෙඩි තැබූ 04 ක් මරුට (VIDEO)




ජෝර්දානයේ ප‍්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන ඓතිහාසික කරාක් නගරයේ පැරණි බලකොටුවේ දී එල්ල වූ ප‍්‍රහාරයට සම්බන්ධ සටන්කාමීන් සිව් දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

ඒ, එරට ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමකදීයි.

මෙම සටන්කාමීන් සිදු කළ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අතරට කැනඩා ජාතිකයෙකු ද අයත්.

පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ද ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ සංඛ්‍යාව 27 ක්.

පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මරාගෙන මැරෙන බඳ පටියක් සහිත ඇඳුම් හා ගිනි අවි කිහිපයක් ද සොයා ගැණුනා. කෙසේ වෙතත් කිසිඳු සංවිධානයක් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නැහැ.