Friday, September 20, 2024

General line - 0115112241

පොලිසිය ඔත්තුකරුවෙකුට ලක්ෂ 40ක තෑග්ගක් දෙයි




පොලිසිය සහ නාවික හමුදාව එක්ව මීට මාස කිහිපයකට පෙර මහ මුහුද මැද දී හෙරොයින් කිලෝ සියයකට වැඩි ප්‍රමාණයක් සහිත නැවක් කොටු කර ගැනීම සඳහා ඔත්තුව ලබාදුන් ඔත්තුකරුට රුපියල් ලක්ෂ 43ක මුදල් ත්‍යාගයක් පිරිණැමුණා.

ඒ පොලිස් රාජකාරියේ දී සිය දක්ෂතා දක්වමින් අපරාධකරුවන් කොටුකර ගැනීම ඇතුළු කැපී පෙනෙන රාජකාරියක් ඉටු කළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් දෙකෝටි විසිපන්ලක්ෂයකට ආසන්න මුදලක් පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පෙරේදා පිරිනමනු ලැබූ අවස්ථාවේදීය. පොලිස් නිලධාරීන් 426ක්, නාවික හමුදාවේ නිලධාරීන් 33ක්, සිවිල් පුරවැසියන් 10ක් මෙසේ ත්‍යාග ලැබූ අය අතර වනවා.