Friday, September 20, 2024

General line - 0115112241

මහ කන්නයේ වී ගොවීන්ට හෙක්ටයාරයකට 25000ක්




මහ කන්නයේ වී වගාකරන ගොවීන් සදහා පොහොර ලබාදීමට රුපියල් මිලියන හත්දහසක් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඉන් මිලියන පන්දහස් පන්සියයක් දැනටමත් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදී අවසන්. ඉතිරි මිලියන එක් දහස් පන්සියය අද නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව එක් ගොවියෙකුට හෙක්ටයාර එකකට රුපියල් විසි පන්දහසක මුදලක් ලබාදෙනු ඇති.

පොහොර ලබාගැනීමට නිසි ක‍්‍රමවේදයක් යටතේ රජයේ මුදල් නොලැබුණු බවට ගොවීන් ඉකුත් සමයේ මැසිවිලි නැගුවා.