Friday, September 20, 2024

General line - 0115112241

සීනි හිඟයක්!




සුදු සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීම නිසා වෙළඳපොළේ සීනි මිලෙහි වැඩි විමක් මෙන්ම සීනි හිඟයක්ද ඇතිවිය හැකි බව ආනයනකරුවන් පවසනවා.

සීනි සමග සඟවා කොකේන් ප්‍රවාහනය කිරිමේ ජාවාරම නිසා බ්‍රසීලයෙන් සීනි ආනයනය නතර කර තිබීමද මිට බලපාන බවයි ඔවුන් කියා සිටියේ.

බද්ද වැඩි කළද සිදු සීනි සඳහා පනවා ඇති පාලන මිල වෙනස් නොවන බව මුදල් අමාත්‍යංශය පැවසූවා.

ඒනිසා පවතින පාලන මිලටම සුදු සීනි අළෙවි කළ යුතු බවයි අවධාරණය කෙරුණේ.