Friday, September 20, 2024

General line - 0115112241

හඳුන්නෙත්තිගෙන් කථානායකට ලිපියක්




ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති කථානායකවරයා වෙත ලිපියක් යවා තිඛෙනවා.

ඒ, එම සිද්ධිය සම්බන්ධයෙන් කෝප් සභාව විසින් පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු වාර්තාවට අදාළව අග්‍රාමාත්‍යවරයා විසින් නීතිපතිවරයාගේ අදහස් විමසීම ප්‍රශ්න කරමින්.

පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු ලේඛනයක් පාර්ලිමේන්තුව සතු ලේඛනයක් බවද එවැනි ලේඛනයක් සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ කථානායකවරයා බව මෙමගින් පෙන්වා දී තිඛෙනවා.

ඒ අනුව අදාළ වාර්තාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් නීතිපතිවරයාගේ අදහස් විමසීම, කථානායකවරයාගේ වගකීම් අග්‍රාමාත්‍යවරයා විසින් පවරා ගැනීමක් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන අදාළ වාර්තාව ලබන වසරේ පළමු පාර්ලිමේන්තු සභා වාරයේදීම විවාදයට ගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු විධිමත්ව සිදුකරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද කෝප් කමිටුවේ සභාපතිවරයා සිය ලිපිය මගින් ප්‍රකාශ කර තිඛෙනවා.