Sunday, December 22, 2024

General line - 0115112241

බුදු රුව සහිත ඒප්‍රන් තොගයක් ඉන්දියාවෙන් එවලා (PHOTO)




කොළඹ වරායේ බහාලුම් අංගණයේ තිබී බුදු රුවට නිගා කෙරෙන අයුරින් මුද්‍රිත ඡායාරූ සහිත නිෂ්පාදිත ඒප්‍රන් සහ අත්වැසුම් තොගයක් සොයාගෙන තිබෙනවා.

කොළඹ වරායේ BQ 04 ගුදමේ තිබී මෙලෙස ඒප්‍රන් සහ අත්වැසුම් සහිත කාටුන් 904 ක් සොයාගෙන ඇති බවත් ඒවා රේගු භාරයට ගෙන විමර්ශන පවත්වන බවත් සඳහන්.

මෙම භාණ්ඩ තොගය මාර්ගස්ථ බඩු ලෙස ඉන්දියාවේ තූත්තකුඩියේ සිට ශ්‍රී ලංකාව හරහා ස්ලෝවේනියාවට යැවීමට සූදානම් කර තිබුණු බව ශ්‍රී ලංකා රේගුව පවසුවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව කියා සිටියේ කිසිදු ආගමික නායකයෙකුගේ රුව එදිනෙදා භාණ්ඩ සඳහා යොදාගැනීමට නීතියට අනුව හැකියාවක් නැති බවයි.

15697116_10211696316429752_1870494214_o