සාමයේ වැදගත්කම ලොවට පසක් කරමින් අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත‍්‍රියෙන් උදාවුණා.
ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල් උදාව සමරනු ලැබුවේ මිනිසත්කමේ උත්තරීතර පණිවිඩය ද සිහි තබාගෙනයි.
ඊයේ මධ්‍යම රාත‍්‍රියේදී ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා කිතුනු බැතිමතුන් දේවස්ථාන තුළට රැස් වී නත්තල් දේව මෙහෙයන්ට එක්වුණා.
නෙත් එෆ්. එම්. රේඩියෝව විසින් ද විශේෂ නත්තල් පූජාව සජීව විකාශය කරනු ලැබුවා. ඒ මීගමුව දළුපොත ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිටයි. එම දිව්‍ය පූජාවටද කිතුනු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා.
මීගමුව දළුපොත ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ජූඩ් ලක්ෂ්මන් මීසම්පාලකතුමන් මේ පිළිබඳව අදහස් පළ කර සිටියා.
(එම හඬපටය පහතින් දැක්වෙයි)
මේ අතර නත්තල් උදාව සමරමින් ලොව පුරා විශේෂ දේව මෙහෙයන් රැසක් සිදුවූ බවයි විදෙස් මාධ්‍ය අද (25) උදෑසන වාර්තා කළේ. වතිකානුවේ ශාන්ත පීටර්ස් බැසිලිකාවේදී පැවති දේව මෙහෙයට දස දහසකට අධික පිරිසක් සහභාගී වු බවත් විදෙස් වාර්තා සඳහන් කළා.
නත්තල් උදාව සිහිපත් කරමින් ශූද්ධෝත්තම පාප්තුමන් විසින් සිදු කළ විශේෂ දේව මෙහෙය රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවේදි පැවැත්වුණා. කුසගින්නෙන් පෙළෙන දුගී ජනතාව වෙනුවෙන් සහ සිරියාවේ ඇලෙප්පෝ නුවර බෝම්බ බියෙන් ඇළලී සිටින ජනතාව වෙනුවෙන් පාප්තුමන් එහි දී යාඥා කළ බවයි විදෙස් පුවත් සේවා අනාවරණ කළේ.
දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ මෙම විශේෂ දේව මෙහෙය සිදු කිරීම ද විශේෂත්වයක්. මෙම විශේෂ දේව මෙහෙයේ දී පාප්තුමන් භාෂා 40කට ආසන්න ප‍්‍රමාණයකින් ලෝ වාසීන්ට ආශිර්වාද කරනු ලැබුවා.
අසිරිමත් නත්තලේදී ආදරය, පරිත්‍යාගය, කැපවීම තුල දේවත්වය සහ මනුෂ්‍යත්වය එක්සත් වන අයුරු ලොවටම කියා දුන් කිතු සමිඳානන්ගේ උපත සැමරීම සිදුවනවා. කෙසේවෙතත් වර්තමාන නත්තල් සැමරුම් තුල නත්තලේ සැබෑ අරුත නොමැති බවටයි ඇතැමුන්ගේ මතය වන්නේ.
සාමය, සමගිය සහ මනුෂ්‍යත්වයේ ගුණාංග යටපත් කරමින් වාණිජ අරමුණු ඉස්මතුවීම ඊට හේතු ලෙසටයි සැලකෙන්නේ. සැබැවින්ම සැබෑ නත්තල යනු කුමක්ද?
(පහතින් දැක්වෙන්නේ නෙත් නිවුස් සැකසූ විශේෂාංගයක්)
මේ අතර ලෝකය වෙනුවෙන් සියලු දෙනා සිය හදවත විවර කළ යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.
(එම හඬපටය පහතින් දැක්වෙයි)
සාමය, සමගිය සහ මනුෂ්‍යත්වයේ අගය ලොවට පසක් කළ නත්තල, අර්ථවත් සහ අසිරිමත් නත්තලක් වේවා යැයි නෙත් නිවුස් අපගේ ප‍්‍රාර්ථනයයි.