ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතුවලදී මහනා හිමිවරුන්ගේ උපදෙස් සහ ආශිර්වාද ලබාගන්නා බවට අග‍්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව අස්ගිරි පාර්ශ්වය පවසනවා.
එහි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (24) මහනා හිමියන් හමු වී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේ දී මෙම පොරොන්දුව ලබාදුන් බවයි.
එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් විසින් කරුණු පහකින් යුත් යෝජනාවලියක් රජයට භාරදෙනු ලැබුවා.