වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (24) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් මියගොස් ඇත්තේ ‘‘උදම්මිට සමරේ’’ නමැති පාතාල කල්ලි සාමාජිකයෙකු බව අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ රාත්‍රී 10.00 ට පමණ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. ඉන් උදම්මිට සමරේ නමැති පාතාල සාමාජිකයා එම ස්ථානයේදීම මිය ගිය අතර තුවාල ලැබූ තවත් අයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර උදම්මිට සමරේ නමැති පාතාල කල්ලි සාමාජිකයා පිළිබඳ නෙත් එෆ්. එම්. රේඩියෝවේ බැලුම්ගල වැඩසටහනෙන් ද කරුණු අනාවරණය කෙරුණා.
ඒ, ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදීයි. උදම්මිට සමරේගේ තර්ජන සහ බලපෑම් හේතුවෙන් ජනතාව භීතියට පත්ව සිටියා. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් බැලුම්ගල වැඩසටහනට කරුණු හෙළි කර සිටියා.
මෙම පාතාල කල්ලි සාමාජිකයා ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ලබාගත් බව ද බැලුම්ගල වැඩසටහනට අදහස් දැක් වූ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.
මේ අතර උදම්මිට සමරේගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ කණ්ඩායම් දෙකක් පත්කර තිබෙනවා.
මෝටර් රථයකට වෙඩි ප්‍රහාරයක් – උදම්මිට සමරේ මරුට
(Dec 25, 2016 @ 06:22)
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වේයන්ගොඩ ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම මෝටර් රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති බවයි මේ වන විට වාර්තා වී ඇත්තේ.
වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවද වාර්තා වුණා.
මේ වන විට තොරතුරු වාර්තා වෙන පරිදි වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්ව ඇත්තේ පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස හැඳින්වෙන උදම්මිට සමරේ නම් අයෙකි.
මීට පෙර නෙත් බැලුම්ගල වැඩසටහනකින්ද උදම්මිට සමරේ පිළිබඳව අනාවරණයක් සිදු කළා.