සිරකරුවන් පන්සිය හැත්තෑ දෙදෙනෙකුට නිදහස ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අදට යෙදෙන නත්තල් දිනය නිමිත්තෙන්.
මේ අතරට පිරිමි රැඳවූවන් 565 දෙනෙකු සහ කාන්තා රැඳවූවන් 07 දෙනෙකු අයත්. සුළු වැරදිවලට සම්බන්ධ සහ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරගතව සිටි රැඳවියන් පිරිසක් මෙලෙස නිදහස් කරනු ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර දිවයිනේ සියලම බන්ධනාගාරවල සිටින කතෝලික රැඳවියන් හමුවීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අද විශේෂ දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. අද පස්වරුවේ විශේෂ දේව මෙහෙයන් හා සංස්කෘතික සංදර්ශන ද බන්ධනාගාරවල දී පැවැත්වීමට නියමිතයි.