නත්තල් උදාවත් සමග සිදු වූ හදිසි අනතුරු සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 20 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ ජාතික රෝහල පැවසුවේ මධ්‍යම රාත‍්‍රියේ නත්තල් උදාවෙන් පසු සිදු වූ රිය අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් 21 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණු බවයි.
23 වැනිදා මධ්‍යම රාත‍්‍රී 12.00 සිට ඊයේ මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා වූ කාල සීමාව තුළ රිය අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් 63 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගිනි කෙළි අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයෙකු ද ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි කොළඹ ජාතික රෝහල පැවසුවේ.
මේ අතර උත්සව සමයේ සිදුවිය හැකි හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා සියලූ දෙනා අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිණී පුෂ්පා රම්‍යානි ද සොයිසා සඳහන් කළේ මහමග දී මෙන්ම නිවසේ දී සිදු විය හැකි හදිසි අනතුරු ප‍්‍රමාණය මෙම දිනවල දී ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි. ඒ හේතුවෙන් රියදුරන් මෙන්ම පදිකයින්ද වැඩි අවධානයකින් සිය ගමන් බිමන් සිදු කළ යුතු බවත් සඳහන් කළා.