මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයින් පිරිසක් ඉකුත් දා මාවුස්සාකැලේ පොලිස් මුරපොලේ දී අත්අඩංගුවට ගැණුනා.
ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිල සුනඛයින්ගේ ද සහය ප්‍රථම වරට මෙවර ලබා ගැනීමට ඉන්පසු තීරණය කෙරුණා.
ඒ අනුව හෙරොයින් මත්කුඩු ළඟ තබාගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු හඳුනා ගැනීමට මෙම රාජකාරියේ යොදවා සිටි පොලිස් නිළ සුනඛයාට හැකි වුණා. .
ඒ, පොලිස් නිල සුනඛ අංශයේ කෝරා නමැති සුනඛයායි. කෝරාගේ සහයෙන් සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා.
සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 65 ක් සොයා ගැණුනා.
(වීඩියෝව පහතින් දැක්වෙයි)