කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරුණු ලොව උසම නත්තල් ගස බව කියන නිර්මාණය ඊයේ (24) රාත්‍රියේ විවෘත කෙරුණා.
ඒ, වරාය අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන්.
එහි දී අදහස් දැක් වූ වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සඳහන් කළේ ඕනෑම කටයුත්තක් ආරම්භයේදී බාධා පැමිණෙන බවයි. ගිනස් වාර්තාවට යන මෙම නත්තල් ගසටද ඉදිකිරීමට පෙර ගල් ගැසූ බවද සඳහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේ සියලු ජාතින් අතර සංහිඳියාව ඇති කිරීමට මෙම නත්තල් ගස හේතු වූ බවයි.
මෙම නත්තල් ගස ඉදිරිකීමට සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවද විවිධ අයුරින් සහාය දැක්වූ බවත් සඳහන් කළා. ආගමික අසමගිය ඇති කරන්නට කටයුතු කළ අය මෙම නත්තල් ගස විවේචනය කළ බවත් පැවසුවා.