නෙදර්ලන්ත ජාතික කාන්තාවකට හුංගම රැකව වෙරළ තීරයේදි අතවර කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබනවා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වි පැය 24ක් ගතවිමටත් මත්තෙන්.
අතවරයට ලක්ව ඇති බව කියන කාන්තාව 61ක් හැවිරිදි වියේ පසුවනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ වයස අවුරුදු 26ක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් විදේශික කාන්තාව 119 දුරකථන අංකයට දැනුම් දිමෙන් අනතුරුව හුංගම පොලීසියේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු නිරන්තරයෙන් මුහුදු වෙරළේ සැරිසරණ අයෙකු බවයි වැඩි දුරටත් අනාවරණ වි ඇත්තේ. අතවරයට ලක්වු බව කියන කාන්තාව පසුව වෛද්‍ය පරික්ෂණයකටද ලක් කර තිබෙනවා.