කිළිනොච්චිය, මුලංකාවල් හා කනකපුරම් ප්‍රදේශවල පිහිටි මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් මිහිදන් කර ඇති මහවිරු සුසාන භූමි පූජනිය ස්ථානයක් බවට පත් කළ යුතුයැයි කිළිනොච්චිය සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අදහස් පළ කර තිබෙනවා. ඒ, කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වූ අවස්ථාවේදීයි.
කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිවරුන්ගේ කැමැත්ත විමසිමෙන් අනතුරුව අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසා සිටියේ.
අදාළ ප්රදේශයන්ගේ ඉඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කොට අදාළ සුසාන භූමි සම්බන්ධ තීරණ ගැනීමට පළාත් පාලන ආයතන වෙත පැවරීම සිදු කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.
මෙම අවස්ථාවට කිළනොචිචිය දිස්ත්‍රික් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥාම් ශ්‍රී ධරන්, ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.