වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී පාතාල කල්ලි සාමාජිකයෙකු වන ජනක සමන්ත කුමාර සමරදිවාකර නොහොත් ‘‘උදම්මිට සමරේ’’ නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ වේයන්ගොඩ පොලිසියයි. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ වෙඩි තැබීම සිදුවූ ප‍්‍රදේශය ආශ‍්‍රිතව සවි කර ඇති CCTV කැමරා දර්ශන මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් සිටින බවයි.
මෙම වෙඩි තැබිම සිදුවූයේ ඊයේ (24) රාත‍්‍රී 10 ට පමණයි. ඒ, තවත් තිදෙනෙකු සමග ඔහු ගමන් කරමින් සිටියදීයි. එහිදී තුවාල ලැබූ තවත් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. වෙඩි තැබීම සඳහා මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණ වුණේ.
උදම්මිට සමරේ නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ විවිධ ක‍්‍රියා පිළිබඳ නෙත් එෆ්. එම්. රේඩියෝවේ බැලුම්ගල වැඩසටහනෙන් ද ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී කරුණු අනාවරණය කළා.