Sunday, December 22, 2024

General line - 0115112241

රුසියානු ගුවන් යානයේ සුන්බුන් කළු මුහුදේ




පුද්ගලයින් 92කට මරු කැඳවමින් කළු මුහුදට කඩා වැටුණු රුසියානු හමුදා ගුවන් යානයේ සුන්බුන් සොයාගෙන තිබෙනවා.

ඒ, යානයේ බඳ කොටස යානය ගුවන් ගත වූ රුසියාවේ සෝචි ගුවන් තොටුපළට ආසන්න වෙරළ තීරයේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් වූ මුහුදේ තිබියදීයි.

යානයේ ගමන්ගත් පිරිස අතර සුප‍්‍රකට ඇලේක්සැන්ඩ්‍රෝ හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයින් 64 දෙනෙකුද සිටි බව අනාවරණ වී තිබෙනවා.

ඔවුන් නව වසර වෙනුවෙන් සංවිධාන කර තිබූ සංගීත සංදර්ශනයකට සහභාගි වීමට නියමිතව සිටියා. මීට අමතරව ජීවිතක්ෂයට පත්වූ පිරිස අතරට මාධ්‍යවේදීන් 09 දෙනෙකුද ඇතුළත්.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානය රුසියාවේ සිට සිරියාව බලා ගමන් කරමින් තිබුණා.

යානය ගුවන් ගතවී විනාඩි දෙකකින් පසු ගුවන් යානය පිළිබඳ කිසිඳු තොරතුරක් රේඩාර් පද්ධතියේ සටහන් වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

3000

920x920-1 920x920 1024x1024-1 1024x1024-2 1024x1024