Monday, December 23, 2024

General line - 0115112241

සුනාමියේ අමිහිරි මතකයට අදට වසර 12 යි




සුනාමිය සිදු වී අදට වසර 12 යි. 2004 වසරේ දෙසැම්බර් 26 වනදා ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපත් ආශ‍්‍රිතව හටගත් ප‍්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ඇති වූ මෙම සුනාමියෙන් මියගිය සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහසත් – දෙලක්ෂ අසූදහසත් අතර වනවා.

ආසියානු කලාපයේ රටවල් 14 කට ඉන් බලපෑම් එල්ල වුණා. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ තායිලන්තය වැඩිම බලපෑම් එල්ල වූ රටවල් වනවා.

ශ‍්‍රී ලංකාවේ පමණක් ජීවිතක්ෂයට පත් වූ බවට සැලකෙන සංඛ්‍යාව තිස්පන් දහස් තුන්සිය විසි දෙකක්. තවත් විසිඑක් දහසකට වැඩි පිරිසකට ඉන් තුවාල සිදු වුණා. අවතැන් වූ සංඛ්‍යාව ලක්ෂ පහකට අධිකයි.

සුනාමියේ අමිහිරි මතකය දිගේ ආපස්සට ගිය නෙත් නිවුස් අපිට සුවිශේෂි චරිත තුනක් මුණ ගැසුනා. මේ, ඔවුන්ගේ කතාවයි.

හික්කඩුව පැ?ළිය දුම්රිය ස්ථානය අසළ දී අද පෙරවරුවේ විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත්තේ. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ ඒ පිළිබඳව මෙලෙස කරුණු දැක්වූවා.

සුනාමි ඛේදවාචකයට වසර 12 ක් පිරීම නිමිත්තෙන් අද දිනයේ විශේෂ ආගමික උත්සව සංවිධාන කර ඇති බවයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සඳහන් කළේ. ‍

දිස්ත‍්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම ආගමික වැඩසටහන් පැවැත්වෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.