Monday, December 23, 2024

General line - 0115112241

ඉන්දීයාවේ මිසයිලයක් නිසා ලංකාවේ ගුවන් ගමන්වලට බලපෑම් (UPDATE)




ඉන්දියාව විසින් ‘‘ අග්නි 05’’ මිසයිලය අද (26) දිනයේ අත්හදා බැලීම හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු එම ගුවන් කලාපය හරහා ශ‍්‍රී ලංකාවේ සිට සිදු කෙරෙන ගුවන් ගමන් මෙතෙක් ආරම්භ කර නැහැ. අද පස්වරු 12:30ට පමණ එම කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාසය පල වන්නේ.

ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සාමාජික නිරෝෂන් දිසානායක ඒ පිළිබඳව මෙලෙස කරුණු දැක්වූවා.

ශ‍්‍රී ලංකා ගුවන් කලාපයේ නැගෙනහිර සීමාවේ පිහිටි මෙම ගුවන් කලාපයට ගුවන් ගමන් මාර්ග හයක් ඇතුළත්. මෙම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දුනීසාව, සිංගප්පූරුව සහ මැලේසියාව බලා උදෑසන 07:30 ට සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් කල් දැමුණා. මෙරටට පැමිණෙන ගුවන් යානාවල ද ප‍්‍රමාදයක් ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ඉන්දියාව අත්හදා බලන අග්නි පහ මිසයිලයේ ගමනාන්තය කිලෝමීටර් පන්දහසක්. එමගින් කිලෝග‍්‍රෑම් දහසක බරක් රැගෙන යා හැකියි.

මෙම මිසයිලය පාකිස්තානය, චීනය, ඇතුළු ආසියාවේ ඕනෑම රටක් ඉලක්ක කර යොමු කළ හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.


ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දීය ගුවන් කලාපය හරහා යන ගුවන් ගමන්වල ප‍්‍රමාදයක්

Dec 26, 2016 @ 09:45

ඉන්දියාවේ සිදු කෙරෙන රොකට් අත්හදා බැලීමක් හේතුවෙන් එම ගුවන් කලාපය හරහා ශ‍්‍රී ලංකාවේ සිට සිදු කෙරෙන ගුවන් ගමන් කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දුනීසාව, සිංගප්පූරුව සහ මැලේසියාව බලා උදෑසන 07:30 ට සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් දහවල් 12 දක්වා කල්දමා ඇතැයි ගුවන් තොටුපලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යාන ද ප‍්‍රමාද වී පැමිණෙනු ඇති. ශ‍්‍රී ලංකා ගුවන් කලාපයේ නැගෙනහිර සීමාවේ පිහිටි මෙම ගුවන් කලාපයට ගුවන් ගමන් මාර්ග හයක් ඇතුළත්.