කටාන කටියල ප්රදේශයේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගිය සැකකරුවන් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි ප්රහාරයට ලක්වූයේ ඊයේ (25) රාත්රියේ පාමුර සංචාරයේ නිරත වෙමින් සිටියදීයි.
සැක කටයුතු අන්දමින් ප්රදේශයේ සැරිසරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට යාමේ දී එක් අයෙකු පොලිස් කොස්තාපල්වරයෙකු සතුව තිබූ රිවෝල්වරයක් උදුරාගෙන ඔවුන්ට වෙඩි තබා තිබෙනවා.
පසුව සැකකරුවන් රිවෝල්වරය ද රැගෙන අසළ යතුරුපැදියකින් පලාගොස් ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා.