සීමා නිර්ණ කමිටු වාර්තාව මේ වනවිට සකස් කර අවසන්. ඒ අනුව පළාත්පාලන ආයතනවල සීමා මායිම් ලකුණු කර සකස් කළ මෙම වාර්තාව හෙට (27) දිනයේ විෂයභාර රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න හට භාරදීමටයි නියමිතව ඇත්තේ. ඊට හේතු වී ඇත්තේ විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා දිවයිනේ නොසිටීමයි.
නෙත් නිවුස් කළ විමසීමක දී පළාත්පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි ප්‍රකාශ කළේ පළාත්පාලන සීමා නිර්ණය පිළිබඳ ලැබුණු පැමිණිලි ද සලකා බලා මෙම වාර්තාව සකස් කළ බවයි.