Monday, December 23, 2024

General line - 0115112241

විශාල දුම්රිය අනතුරක් නූලෙන් බේරෙයි




කඩාකප්පල්කාරී පිරිසකගේ කි‍්‍රයාවක් හේතුවෙන් අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවීමට ගිය දුම්රිය අනතුරක් අවසන් මොහොතේ වළක්වා ගැනීමට හැකි වූ බව අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පවසනවා.

කිසියම් පාර්ශ්වයක් ඊයේ (25) රාත‍්‍රියේ උතුරු දුම්රිය මාර්ගයේ ශ‍්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය හරහා අඩි 45ක් පමණ දිග රේල් පීල්ලක් දමා තිබූ බවයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

රාත‍්‍රී 8.15ට පමණ නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රියක් ශ‍්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය වූ අතර එම දුම්රියේ එන්ජිමේ ඉදිරිපස කුල්ලේ වැදී රේල් පීල්ල තල්ලූ වී ගොස් තිබෙනවා.

දුම්රිය රියදුරා මහත් පරිශ‍්‍රමයක් යොදා දුම්රිය නවත්වාගෙන අනතුර වළක්වාගෙන ඇති බවයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ. එහි ඉංජිනේරු අංශයේ නිලධාරියෙකු පැවසුවේ යම් හෙයකින් දුම්රිය එන්ජිම පීලි පැනීමකට ලක්වූයේ නම් විශාල අනතුරක් සිදුවීමට තිබූ බවයි.