Monday, December 23, 2024

General line - 0115112241

දරු ප්‍රසූතියෙන් පසු H1N1 වැළඳී මවක් මිය යයි




පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි, H1N1 වෛරසය වැළදී සිටි කාන්තාවක අද (26) මරණයට පත්ව තිබෙනවා.

ඇය පොළොන්නරුව අලුත්වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

වයස අවුරුදු 20 ක් වූ මෙම කාන්තාව ඇගේ දරු ප්‍රසූතියෙන් දින 26 කට පසුව මෙම උණ රෝගයට ගොදුරු වී ඇති බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.

දින කිහිපයක සිට රෝගය හඳුනාගැනීමෙන් පසු ප්‍රතිකාර ගනිමින් සිටි ඇය පිළිබඳව, රෝහල විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට සූදානම් වී සිටියත් අද මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බවයි පොලොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික සඳහන් කළේ.

කෙසේවෙතත් ඇය ප්‍රසූත කළ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි රෝහල් බලධාරීන් වැඩි දුරටත් පෙන්වා දුන්නේ.