නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුමිත් චම්පික පෙරේරා වසීම් තාජුඩීන්ගේ මරණයෙන් පසු ඔහුගේ සොහොයුරෙකුට බලපෑම් කර ඇති බව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
අදාළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය කෙරුණා.
ඒ පිළිබඳ ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව බන්ධනාගාර භාරයේ සිටියදී සුමිත් චම්පික පෙරේරාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබාදුන්නා.
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා ජනවාරි මස 06 වෙනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියම කෙරුණා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස්ගේ නියෝගයකට අනුවයි.