Monday, December 23, 2024

General line - 0115112241

ප්ලාස්ටික් පෙළ පොත් සෞඛ්‍යට ගැටළුවක් වෙයිද?




කඩදාසිවලින් සැකසූ පාසල් පෙළ පොත් වෙනුවට 2017 වසරේ සිට ප්ලාස්ටික් පෙළ පොත් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ පවා නොතකමින් අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා සඳහන් කළේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මේ පිළිබඳ පත්කළ විශේෂඥ කමිටුව නිර්දේශ කළේ මෙහිදී ඇතිවිය හැකි සෞඛ්‍ය සහ පාරිසරික බලපෑම් පිළිබඳව නිසි අධ්‍යනයක් කිරීමෙන් පසු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය මේක කඩිමුඩියේ කරන්න යනවා. මේවා ප්‍රතිචක්‍රීකරණය කරන්නෙ කොහොමද කියලා බලන්න ඕනේ. පාසල් දරුවෝ පොත් පෙරළන්නෙ කෙල ගාලා. මේ ප්ලාස්ටික් ශරීරගතවීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳවත් සොයන්න ඕනෙ. ඉතින් අපි ඉල්ලන්නේ මෙවැනි තීන්දු විශේෂඥ නිර්දේශයන්ගෙන් තොරව ගන්න එපා කියලයි.” යනුවෙනි.