මේ වසරේ පැවැති දරුණු නියඟය හේතුවෙන් ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති විය හැකි බව අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා.
ඇමැතිවරයා එසේ පැවසුවේ ඊයේ (25) වලපනේ ලියන්වල දී කුරහන් වගා ව්‍යාපෘතියක් ආරම්භ කරමින්.
මෙම වසර දරුණු වසරක් බවත්, නියඟය නිසා කුඹුරු වගා කිරීම විශාල වශයෙන් අඩු වූ බවත් පැවසූ ඇමැතිවරයා මේ නිසා කුරහන් වැනි ධාන්‍ය වගා කිරීම ආහාර හිඟයට මෙන්ම ශරීර සෞඛ්‍යයටද ඉතා යහපත් බවයි සඳහන් කළේ.
වී වගා කිරීම අඩු වී ඇති නිසා ආහාර හිඟයට මුහුණ පෑම සඳහා හාල් ආනයනය කිරීමට සිදුවිය හැකි බවද සඳහන් කළා.
මේ වසරේ නියඟය විශාල වශයෙන් වී වගා කරන ඉන්දියාව, මියන්මාරය, ඉන්දුනීසියාව හා පකිස්ථානය වැනි රටවලටද බලපෑ බව ද පැවසුවා.