දෙමළ සන්ධානයට සහ බටහිර බලවතුන්ට රජය ලබා දී ඇති පොරොන්දු 2017 වසර උදා වීමට පෙර හෙළි කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
පිවිතුරු හෙළ උරුමය අද (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මැතිවරණයට කලින් දෙමළ සන්ධානයට ලබා දුන් පොරොන්දු ආණ්ඩුව වහාම ඉටු කළ යුතුයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් ප්‍රකාශයක් කළා. උතුරු මහඇමති සී.වී විග්නේෂ්වරන් මාධ්‍ය හමුවක් පවත්වමින් කිව්වා..දෙමළ සන්ධානයට සහ ජාත්‍යන්තරයට මේ ආණ්ඩුව ලබා දුන් පොරොන්දු වහා ඉටු කළ යුතුයි කියලා. මේ ප්‍රකාශ දෙකටම ආණ්ඩුව මේ වන විටත් ප්‍රතිචාර දක්වලා නැහැ. දුන්න පොරොන්දු මොනවද කියලා සඳහන් කරන්නෙත් නැහැ. අගමැතිතුමයි විදේශ ඇමතිතුමයි මේ පොරොන්දු මොනවද කියලා දන්නවා. අපි කියන්නේ..මේවා හෙළි කරන්න කියලයි.” යනුවෙනි.