සුනාමි ව්‍යසනය සිදුවී වසර 12 ක් සපිරීම නිමිත්තෙන් අද විවිධ සැමරුම් උත්සව සහ ආගමික වැඩසටහන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වුණා.
උදෑසන 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් පැවැත්වුණේ සුනාමියෙන් මියගිය ජනතාව සිහිකරමින්.
රාජ්‍ය ආයතන රැසක ද සැමරුම් උත්සව සහ පිංකම් සංවිධාන කර තිබුණා.
බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා.
එහිදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි ඉකි ගසමින් හඬාවැටුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔහු රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළේ සුනාමි ව්‍යසනයෙන් තම පියා ඇතුළු පවුලේ ඥාතීන් 147 දෙනෙකු මියගිය බවයි.