ජාතික ජල සම්පාදන මණ්ඩලය ලබා දී ඇති ජල සම්බන්ධතාවලින් සියයට 26කින් මුදල් අය නොකෙරෙන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
කොළඹ නගරයේ පමණක් ලබා දී ඇති ජල සැපයුම්වලින් සියයට 46කින් මුදල් අය නොකෙරෙන බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ.
මෙලෙස මුදල් අය නොකෙරෙන ජල සම්බන්ධතාවලින් මුදල් අය කරගතහොත් ජල ගාස්තු වැඩි කිරීමක් කිසිසේත් අවශ්‍ය නොවන බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
(එම හඬපටය පහතින් දැක්වේ)