දිවයින පුරා පාසල් ආශ්රිත ඩෙංගු මර්දන වැඩසටහනක් අද (27) ආරම්භ වනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය සඳහන් කළේ අද සහ හෙට දෙදින සියලුම පාසල් පවිත්‍ර කිරීමට කටයුතු යොදා ඇති බවයි.
නව පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථම පාසල් පද්ධතිය තුළ මදුරු කීටයන් බෝ වන ස්ථාන විනාශ කර දුමායනය කිරීම මෙහි අරමුණ වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. මෙහිදී කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල දිස්ත්‍රික්කවලටත් කල්මුණේ ප්‍රදේශයේ පාසල්වලටත් වැඩි අවධානයක් යොමු කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.
2016 වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් හතළිස් නව දහස් නවසීයකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 78 දෙනෙකු ඩෙංගු රෝගය හේතුවෙන් මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.