Monday, December 23, 2024

General line - 0115112241

නත්තල් සමයේ ගිනිකෙළි අනතුරු අඩුවෙයි – හදිසි අනතුරු වැඩිවෙයි




නත්තල් දිනයේදී සහ ඊට පසුදා ගිනිකෙළිවලින් සිදුවූ අනතුරු පෙර වසරට සාපේක්ෂව අඩු වී ඇති බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

එම දින දෙකේදී ගිනිකෙළි අනතුරු හේතුවෙන් සිය රෝහලට පැමිණ ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් අදාළ දින දෙකේදී සිදුවූ හදිසි අනතුරුවල වැඩි වීමක් දක්නට ලැබෙන බවද වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවා.

විවිධ අනතුරු හේතුවෙන් ඊයේ (26) සහ පෙරේදා (25) යන දින දෙකේදී පුද්ගලයින් 493ක් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට පැමිණ තිබෙනවා.

පසුගිය වසරේ එම දින දෙකේදී වාර්තා වූ හදිසි අනතුරු ප‍්‍රමාණය 458ක් වන බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.