Monday, December 23, 2024

General line - 0115112241

පිළිකා රෝගීන්ට සරණ වන ක්ෂණික ඇමතුම් සේවයක් අද සිට




පිළිකා රෝගය සම්බන්ධයෙන් වෛද්‍ය උපදේශන සහ ප‍්‍රතිකාර සඳහා සහාය වීමේ අරමුණින් ක්ෂණික ඇමතුම් සේවාවක් අද (27) ආරම්භ වනවා.

‘‘පිළිකා සරණ උපකාරක ඇමතුම’’ නමින් මෙම ක්ෂණික ඇමතුම් සේවාව ආරම්භ කෙරෙන්නේ කතානායක කරු ජයසූරිය ඇතුළු පවුලේ සාමාජිකයින් සහ පිළිකා සරණ සංගමය එක්ව දැරූ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙසයි.

මෙම ක්ෂණික ඇමතුම් සේවා මධ්‍යස්ථානය මහරගම අපේක්ෂා රෝහල ආසන්නයේ ස්ථාපිත කෙරෙනවා. වැඩසටහන් 3කින් යුත් ව්‍යාපෘතියක පළමු අදියර ලෙස මෙය ආරම්භ වනවා.

කාන්තාවන්ට ඇති විය හැකි පියයුරු පිළිකා අවදානම පරීක්ෂා කිරීමේ ජංගම පරීක්ෂණාගාර සේවයක් සහ පිළිකා රෝගය වැලඳුණු දරුවන් වෙනුවෙන් කි‍්‍රයාත්මක වන ඉන්දිරා ජයසූරිය ළමා සත්කාරක සේවාවද ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි.

කතානායක කරු ජයසූරිය, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අද පැවැත්වෙන සමාරම්භක උත්සවයට පසුගියදා පිළිකා රෝගයෙන් මියගිය ඉන්දිරා ජයසූරියගේ ස්වාමියා වන මාර්ටින් ඩිකර් සහ ඇගේ දරු දෙදෙනා ද එක්වීමට නියමිතයි.

a