විදෙස් ගතවන ශ‍්‍රමිකයින්ගේ ආරක්‍ෂාව, සුරක්‍ෂිතබව හා සුභසාධනය පිළිබඳ නොසලකන ඕනෑම රටක් පිළිබඳව තීන්දු තීරණ ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.
එම රටවලට මෙරටින් ශ‍්‍රමිකයින් යැවීම නතර කිරීමට පසු නොබසින බවයි විදේශ රැකියා අමාත්‍යවරිය සඳහන් කරන්නේ.
ඇය මේ බව සඳහන් කළේ, අද (27) දින කාර්යාංශයේදී සේවක සුභසාධක අරමුදල මගින් විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් වන්දි ප‍්‍රදානයකට එක්වෙමින්.