රජය සතු වී තොග වෙළඳපොලට නිකුත් කෙරෙන්නේ අවිධිමත්ව බවට මහා පරිමාණ මෝල් හිමියෙකු වන ඩඞ්ලි සිරිසේන පවසනවා.
කොළඹ දී අද (27) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ වී ලබා දී ඇත්තේ මෝල් හිමියන්ට නොව අතරමැදියන්ට බවයි.
රට තුළ සහල් හිගයක් නොමැති බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා. කිසියම් හෝ හිගයක් ඇත්නම් ඒ නාඩු සහල් පමණක් බවයි ඩඞ්ලි සිරිසේන පෙන්වා දුන්නේ.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මේ රටේ නාඩු හාල් කන්නෙ දුප්පත්ම ජනතාව. කීරි සම්බා හාල් කන්නෙ ධනවත් අය. මගේ ළඟ තියෙන වී 75% ක් කීරි සම්බා. 10% වගේ ප්‍රමාණයක් තමයි නාඩු හාල් තියෙන්නෙ. නමුත් වැඩි ප්‍රමාණයක් නාඩු වී රජය සතුව තියෙනවා. මේ ටික නිකුත් කරලා ජනතාවගේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නෙ නැතිව.. මේක දවසින් දවස අර්බුදයට ලක් කරනවා.” යනුවෙනි.
ඩඞ්ලි සිරිසේන, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වනවා.