ජාතික ආණ්ඩුවේ ප‍්‍රශ්න තිබෙන බව අමාත්‍ය එස්. බී. දිසානායක අද (27) පැවැති මාධ්‍ය හමුවේදී පිළිගත්තා.
කෙසේ වෙතත් එම ප‍්‍රශ්න සුහදශීලීව විසඳා ගැනීමට උත්සහ කරන බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
එහිදී “අපි අර්බුද ගණනාවක තමයි ඉස්සරහට යන්නේ. සමහර කරුණුවලදී එක්සත් ජාතික පක්ෂයට ඕන විදිහට ඒ අයට වැඩ කරන්න බැහැ. තවත් සමහර කරුණුවලදී අපිට ඕන විදිහට වැඩ කරන්න බැරි වෙනවා.” යනුවෙනි.
මැති ඇමතිවරුන්ගේ වරප‍්‍රසාද වැඩි කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී ප‍්‍රශ්න කෙරුණා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය එස්. බී. දිසානායක කියා සිටියේ ඇතැම් මන්ත‍්‍රීවරුන් මෙන් ලබාදෙන වාහන සහ වෙනත් වරප‍්‍රසාද ප‍්‍රතික්ෂේප කිරීමට තමන්ට නොහැකි බවයි.
බත්තරමුල්ල සෙත්සිරිපායේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.