එක්සත් ජාතික පක්ෂය නොමැති රජයක් බිහි කර ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මේ නව වසරේදී ඔවුන්ට අපේ සහෝදරත්වයේ දෑත දිගු කරමින් එක්වන්න ආරාධනා කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ පොහොට්ටුවේ සාමාජිකයන්ටත් අපි කියන්නෙ පක්ෂය බෙදන්නෙ නැතිව පක්ෂයේ තනි ආණ්ඩුවක් හදන්න ඕනෙ නම් අපිත් එක්ක එකතු වෙන්න කියලයි. යු.එන්.පී නැති රජයක් හදා ගන්න නම් පක්ෂය ශක්තිමත් කරන්න.” යනුවෙනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් සම්බන්ධයෙන් ද අමාත්‍ය එස්. බී. දිසානායක අදහස් පල කළා.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සිය එකම පක්ෂයෙන් පාක්ෂිකයෝ දෙදෙනෙක් තරඟ නොකළ යුතුයි කියන දැඩි ස්ථාවරය ගම් මට්ටමින් ඉදිරිපත් වී ඇති බවත් එහිදී සඳහන් කළා.