දින 3ක් බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගෙන් වන්දනා ලැබූ බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ නැවත නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කිරීම මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා.
ඒ, නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කළ නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අවසන් කරමින්. ඉකුත් 26 වැනිදා සිටි 28 වැනිදා දක්වා මෙම මහා ධාතු නමස්කාරය සඳහා සැදැහැවතුන්ට අවස්ථාව උදා වුණා.
එහි නවතම තොරතුරු ගෙන ආ නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සඳහන් කළේ වත්පිළිවෙත්වලට අනුව මහා ධාතූන් වහන්සේ යළි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටිය වෙත වැඩම කෙරෙන බවයි. ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පැමිණි පිරිස වෙත විවිධ පහසුකම් සැපයීමට සියලු ආගමික ජාතීන් එක් වී සිටි බවද සඳහන් කළා.
නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදී බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ දැක වැඳපුදා පිං රැස්කරගත් සැදැහැවතුන් කිහිපදෙනෙකු ද තමන්ට ලැබුණු මෙම භාග්‍යවන්ත අවස්ථාව පිළිබඳ ඉමහත් සතුටින් අදහස් දැක්වූවා.
මේ අතර නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන තවත් පිංකමක් අද (29) පැවැත්වෙනවා.
ඒ, දඹවින්න ශ‍්‍රී මහා විහාරයේදීයි. ආශිර්වාද පූජාවක් සහ ධර්ම දේශනයක් මෙම පිංකමට ඇතුළත්.
ආශිර්වාද පූජාව පස්වරු 5.00 ට ආරම්භ වනවා. එය මෙහෙයවනු ලබන්නේ පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින්.
ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් සිදුකෙරෙනවා. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක දඹවින්න පුරාණ ශ‍්‍රී මහා විහාරාධිපති පූජ්‍ය දඹවින්නේ ඥානසිරි හිමියන් සඳහන් කළේ මෙම පිංකමට එක්වන ලෙස සියලුම බණ්ඩාරවෙල ජනයාට ආරාධනා කරන බවයි.
නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අවසන් පැය කිහිපය එළඹෙයි
(Dec 28, 2016 @ 18:50)
නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අවසන් දිනයේ අවසන් හෝරා කිහිපයේදීත් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටිනවා.
එහි නවතම තොරතුරු ගෙන ආ නෙත් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ සඳහන් කළේ මේ වන විටත් පවතින දිගු පොළිම්වලට තව දුරටත් එකතුවන සැදැහැවතුන් හේතුවෙන් ධාතු වන්දනාව අද මධ්‍යම රාත්‍රිය ඉක්මවා යන තුරුත් සිදු කරන්නට වෙනු ඇති බවයි. මෙම පුද බිමෙදීම රටවැසියන්ට ආශිර්වාද පතා සිදු කෙරෙන පරිත්‍රාන ධර්ම දේශනාව ආරම්භ කිරීමටද මේ වන විට කටයුතු සූදානම්ව පවතින බවත් සඳහන් කළා.
ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහරහත් වහන්සේලා දස නමකගේ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදී සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.
ධාතූන් වහන්සේ වැඳපුදා ගත් සැදැහැවතුන් තමන්ට හිමි වූ මහඟු අවස්ථාව පිළිබඳ ‘නෙත්’ වෙත අදහස් පළ කළා.
මේ අතර මෙම වැඩසටහනට සමගාමීව දඹවින්න ශ‍්‍රී මහා විහාරස්ථානයේදී තවත් පිංකමක් හෙට (29) පැවැත්වෙනවා.
පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින්වහන්සේ පවත්වන විශේෂ ආශිර්වාද පූජාවක් සහ පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවක් එම විහාරස්ථානයේදී හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අවසන් දිනයේත් ජන ගඟක්..
(Dec 28, 2016 @ 12:10)
නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා සැදැහැවතුන් බොහෝ පිරිස් මේ වනවිටත් බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරම විහාරස්ථානයට පැමිණෙමින් සිටිනවා. මෙම පිංකමේ අවසන් දිනය ද අද (28)යි.
බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඩිම පිරිසක් එකවර වැඳපුදා ගැනීමට ලැබෙන අවස්ථාව ද නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයයි. ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදාගත් සැදැහැවතුන් බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් උදම් වී සිටිනවා.
බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී මෙලෙස සැදැහැවතුන්ගේ වන්දනාවට පාත‍්‍ර වන ධාතූන් වහන්සේ හෙට අලූයම කිරි ආහාර පූජාවෙන් පසු නැවත නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කෙරෙනවා. නෙත් එෆ්. එම්. රේඩියෝව මෙම පිංකම සංවිධාන කරන්නේ උදාවන 2017 නව වසරට සෙත් ප‍්‍රාර්ථනා කරමින්.
………………………………………..
නෙත් එෆ්. එම්. රේඩියෝව බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අවසන් දිනය අද (28) යි. ඊයේ සහ පෙරේදා දින දෙකේ දී ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මෙම පිංකමට එක් වී බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ දැක, වැඳපුදා පිං රැස්කර ගත්තා. අදත් රාත‍්‍රී 10 දක්වා නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට එක්වීමට සැදැහැවතුන්ට හිමියි.
බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඩිම පිරිසක් එකවර දැක වැඳපුදාගත හැකි අවස්ථාව ද නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයයි.