ශ්‍රී ලංකේය වත්මන් පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් බුද්ධිමතෙකු බිහිකළ නොහැකි බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඉන් උගතෙකු බිහි කළ හැකි වුවද බුද්ධිමතකු බිහි කිරීමට නම් දහම් පාසල් අධ්‍යාපනය අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ ත්‍යාග සහ සහතික ප්‍රදානෝත්සවයට ඊයේ (27) සහභාගී වෙමින්. මෙම උත්සවය ගාල්ලේ දී පැවැත්වුණා.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ද මෙම අවස්ථාවට සහභාගී වුණා. ඔහු කියා සිටියේ දහම් පාසල් සහ විහාරස්ථාන තව තවත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේ දී කටයුතු කරන බවයි.
ශාසනාරක්ෂක බල මණ්ඩල දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් සඳහා ත්‍යාග ප්රදානය කිරීමට වසර 16 ක් තිස්සේ අනුග්‍රහය ලබාදෙන්නේ සම්පත් බැංකුවයි. සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් උත්සවය සඳහා ද වසර හතක් තිස්සේ සම්පත් බැංකුව අනුග්‍රහය ලබාදෙනවා. ඒ බව අගයමින් ඊයේ සම්පත් බැංකුව වෙත ඇගයීම් සම්මානයක් ද පිරිනැමුණා. මෙම සම්මානය දහම් පාසල් සඳහා සහය වීමට සෙසු අය ද දිරිමත් කරන බවයි සම්පත් බැංකුවේ ප්‍රධාන කළමනාකරු අශෝක මැණික්ගොඩ කියා සිටියේ.