2016 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් සහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ ප‍්‍රතිඵල ලබන මස 12 වනදාට පෙර නිකුත් කරන බවයි. එහෙත් මෙම ප‍්‍රමාදයට හේතු ලෙස ඔවුන් පෙන්වා දී ඇති කරුණු පිළිගත නොහැකි බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අවධාරණය කරනවා.
ජාතික විභාගවල ප‍්‍රතිඵල ප‍්‍රමාදවීම වසර කිහිපයක සිට දිගින් දිගටම දක්නට ලැබෙන ප‍්‍රවණතාවක් බවයි ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියේ. තාක්ෂණික විෂය ධාරාවෙන් පළමු සිසුන් කණ්ඩායම උසස් පෙළ විභාගයට පෙනී සිටි 2015 වසරේදී ප‍්‍රතිඵල නිකුත් කෙරුණේ 2016 ජනවාරී 02 වනදායි. 2014 වසරේ උසස් පෙළ ප‍්‍රතිඵල දෙසැම්බර් 27 වනදා නිකුත් කෙරුණා.