රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරන බව මීට පෙර ප්‍රකාශ කෙරුණත් දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට අවසන් වශයෙන් තීරණය වී තිබෙනවා.
පළමුවෙන් ප්‍රකාශ වූයේ ලබන 31 වනදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කරන බවයි. ජාතික ශෝක දිනය ලෙස නම් කරන්නේ ලබන 30 වන දා බව දෙවනුව ප්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් නෙත් නිවුස් අවසන් වරට කළ විමසීමේ දී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ රත්නසිරි වික්‍රමනායක මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 31 වනදා හොරණදී සිදු කෙරෙන බවයි.
……………………………………….
දෙසැම්බර් 31 ශෝක දිනය සංශෝධනය වෙයි..!
Dec 28, 2016 @ 10:25
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් ප්‍රකාශිත ජාතික ශෝක දිනය සංශෝධනය කර තිබෙනවා.
මුලින් ප්‍රකාශ කෙරුණේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස නම් කෙරෙන බවයි. එහෙත් ශෝක දිනය ලෙස නම් කෙරෙන්නේ ලබන 30 වනදා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. කෙසේ වෙතත් අවසන් සිදු කෙරෙන දිනය හෝ ස්ථානය සංශෝධනය කර නැහැ. ලබන 31 වනදා හොරණ දී අවසන් කටයුතු සිදු කෙරෙනු ඇති.
…………………………………………
දෙසැම්බර් 31 ශෝක දිනයක් වෙයි.
Dec 28, 2016 @ 09:37
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 31 වනදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ එදින දක්වා ජාතික කොඩිය අඩකුඹු කර තබන්නැයි සියලූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් ඉල්ලා සිටින බවයි.
රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට ද නියමිතව තිබෙනවා. දේහය පෙරවරු 10.30 සිට 11.30 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණ තැන්පත් කෙරෙනවා. එම දේහය පසුව රත්නසිරි වික්‍රමනායක මහතාගේ හොරණ පිහිටි නිවස වෙත රැගෙන යනු ඇති. අවසන් කටයුතු හොරණ දී සිදු කෙරෙනවා.